Categories: Sinhala SUSL

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Eco Friendly Hackathon එකක් සබරගමුවෙන්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිඝණක විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන LetmeHack Hackathon එක වෙනස්ම හැඩයකින් සහ අරමුණකින් යුතුව සංවිධානය වූ Hackathon එකක් ලෙස හදුන්වන්න පුළුවන්. 2018 වසරේ මෙන්ම මෙවරද ඔවුන් LetmeHack eco v2.0 ලෙස ශ්‍රීලාංකිය Hackathon කලාවට නව පෙරළියක් කරමින් ඉතා සාර්ථකව පැවැත්විය.

 

ඉතිං, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වුණු product-oriented hackathon එක තමයි LetmeHack කියන්නේ. තවත් විස්තර කලොත් , සාමාන්යෙන් Hackathon එකකදී සිදු වෙන්නේ සහභාගී වෙන සෑම කණ්ඩායමක්ම තමන්ගේ idea එකකට අදාලව product එකක් නිපදවීම හෝ එසේ නිපදවිය හැකි බවට අදාළ ඉදිරිපත් කිරීමක් සිදු කිරීමයි. නමුත් LetmeHack හිදී සහභාගී වන සියලුම කණ්ඩායම් එකම idea එකකට අදාළ එකම product එකක් නිපදවන අතර සංවිධායක මණ්ඩලය මගින් ලබාදෙන platform එකක මේ product එක implement කිරීම සිදු කරනවා. සාම්ප්‍රධායික hackathon කලාවෙන් මිදී මේ විදියට වඩාත් ප්‍රයෝජනවත් outcome එකක් ලබාදෙන ප්‍රථම hackathon එක ලෙසින් LetmeHack විශේෂ වනවා.

 

මෙවර පැවැත්වු තරගය තවත් විශේෂිත මුහුණුවරක් ගන්නවා. ඒ තමයි ඔවුන්ගේ තේමාව ලෙස හරිත සංකල්පය (Green Concept ) යොදා ගැනීම. මේ වනවිට ලොව පුරාම ඉතාම කතාබහට ලක්වෙන concept එකක් තමයි Green Concept එක. තාක්ෂණයේ දියුණුව සිදුවිය යුත්තේ ලෝකය වඩාත් සුවදායි තැනක් කිරීමට මිසක් එය විනාශ කිරීමට නෙමෙයි.ඉතින් දවසින් දවස දියුණු වන තාක්ෂණය පරිසරයත් සමග බද්ධ වී ඉදිරියට ගියොත් එය වඩාත් හිතකර සහ සාර්ථක තාක්ෂණයක් වේවි. මේ අරමුණ ඇතිව සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිඝනක විද්‍යා සංගමය විසින් LetmeHack 2020, හරිත වර්ණයෙන් බලගැන්විය.

මෙවර බණ්ඩාරවෙල මහ නගර සභාව හා එක්ව මහ නගර සභාව විසින් මෙහෙයවනු ලබන අපද්‍රව්‍ය බැහැර කිරිමේ ක්‍රියාපටිපාටියට සහය වීම සදහා සම්පුර්ණ මෘදුකාංග විසදුමක් ගොඩ නැගීම මුලික පරමාර්ථය කරගත් LetmeHack eco v2.0 විසින් පලමුව හොදම නිෂ්පාදනය බණ්ඩාරවෙල මහ නගර සභාවට යෙදවීමටත් පසුව එය ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශ වලටද ව්‍යාප්ත කිරීමට සුදානමින් සිටී.

මෙවර තරගයේ සාර්ථක කරගැනීමට අත්වැල් බැදගත් අනුග්‍රාහකයන් ලෙස ප්‍රධාන ආයතන තුනක් වේ. Gold Sponsor වශයෙන් Omobio ආයතනයත්, Silver Sponsor වශයෙන් CodeGen ආයතනයත්, Bronze Sponsor වශයෙන් Liveroom ආයතනයත් මේ සදහා එකතු විය. Mozilla Sri Lanka සමග FOSS Sri Lanka මෙහිදී Digital media partners වශයෙන් අනුග්‍රහය දැක්විය. තවද Arimac, Sysco LABS, 99x Technology, Github, Bhasha, Hackathons.lk, LAKSPACE.COM සහ Elephant House වැනි ආයතනද මේ සදහා එක්විය.

 තරගයේ ජයග්‍රාහකයින් ලෙස ප්‍රථම හා දෙවන ස්ථාන මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම් දෙකක් විසින් දිනාගත් අතර තෙවන ස්ථානය යාපනය විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

මෙසේ LetmeHack අවසන්වුවද, එය අවසන් වුවාම නෙවෙයි එක් පරිච්ඡේදයක් නිමා කරමින් තවත් එක් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරිමක් කිව්වොතින් වඩා නිවැරදියි.

Article by: Sachith Mayantha Fernando

 

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.