Categories: Firefox Mozillians SLIIT

Software Freedom Day 2018 – ඔබ සුදානම්ද?

Software Freedom Day 2017 සදහා ඔබ පැමිණි අයෙක්නම් Mozilla.lk හා Foss.lk එකතු වෙලා මේ පාරත් ඔබට Software Freedom Day තිලිණ කරන්නයි සුදානම් වෙන්නේ. ඔබට මතකනම් අපි ගිය පාර SFD 2017 පැවැත්වුවේ NSBM Green University එකේදී. ඒ සැප්තැම්බර් 16 වෙනිදා. උදේ 9.30 ඉදන් සවස 4.30 වෙනකන් පැවැත්වුණු SFD වැඩසටහනට software ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කිහිප දෙනෙක්ම එකතු වෙලා සිටියා.

SFD 2017 වැඩසටහනේ ප්‍රධාන දේශකයන් 8 දෙනෙක් සහභාගී වුණා.

  1. ලහිරු හිමේෂ් මදුසංක – මේ වන විට ඔහු Out Smart Hub ආයතනයේ Team Lead කෙනෙක් වශයෙන් සේවය කළා. ඔහු තම දේශනය පැවැත්වුවේ “Bringing Software Freedom to Sri Lanka” කියන මාතෘකාව යටතේ.
  2. ෂෙහාන් ගමගේ – ෂෙහාන් තම වෘත්තියෙන් WSO2 Telco ආයතනයේ Senior Software Engineer කෙනෙක් විදිහට සේවය කළා. ඔහු තමන්ගේ දේශනයට යොදාගත්තේ ” Commercial Strategies on Open Source Software” කියන මාතෘකාව.
  3. රුවන් රංගනාත් – රුවන් කියන්නේ මේ වෙන කොට ශ්‍රී ලංකාවේ හිටපු Mozilla Representative කෙනෙක්. ඔහු තමන්ගේ රැකියාව විදිහට WSO2 Telco ආයතනයේ DevOps Engineer කෙනෙක් විදිහට සේවය කළා. ඔහු තම කතාවෙන් ඉදිරිපත් කලේ “Building Open Source Communities ” සම්බන්ධව.
  4. W .G ඉරේෂ් චතුරංග – ඉරේෂ් මහත්මයා මේ වෙනකොට හම්බන්තොට D.A රාජපක්ෂ විද්‍යාලයේ ICT ගුරුවරයෙක් විදිහට සේවය කරමින් තමයි සිටියේ. ඔහු තම දේශනය පැවැත්වුවේ “ISURU LINUX adoption to Education System in Sri Lanka ” කියන වැදගත් මාතෘකාව ඔස්සේ.
  5. ලසන්ත ප්‍රියංකර – ලසන්ත කියන්නේ මේ කාලය වෙනකොට London Stock Exchange Group එකේ Lead Security Administrator කෙනෙක්. තමන්ගේ මාතෘකාව විදිහට “Penetration Testing With Free and Open Source Software ” තෝරාගෙන තිබුණා.
  6. රසික නානායක්කාර – Lithium Technologies වල IT Consultant කෙනෙක් විදිහට වැඩ කරපු රසික, ” Free Software Benefits, Myths and Legal Aspects  ” යන මාතෘකාව යටතේ තමන්ගේ කතාව සිදු කළා.
  7. රුමේෂ් හපුආරච්චි – 99X ආයතනයේ Senior Software Engineer කෙනෙක් වුනු රුමේෂ්ගේ මාතෘකාව “Open Source Project Development ” වුණා.
  8. මලින්ද අලහකෝන් – Youtuber කෙනෙක් හා කථිකාචාර්ය කෙනෙක් වුනු මලින්ද තමන්ගේ කතා බහ සිද්ද කලේ “Free Software Used in Hollywood Studios ” යන මාතෘකාව යටතේ.

ගිය පාර NSBM සිසුන්ගේ අනගි සංගීතමය සංකලනයත් අමතක කරන්න බැහැ. 2017 මේ සොඳුරු මතකයන් එක්කම 2018දී Software Freedom Day එකත් එක්ක එකතු වෙන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා අපි mozilla foss පවුලේ සියලු දෙනාම.

මේ පාර Software Freedom Day එක තියෙන්නේ Sri Lanka Institute of Information Technology ආයතනයේදී. සැප්තැම්බර් 22 වැනිදා දහවල්  1.00 වෙනකොට අපිත් එක්ක එකතු වෙන්න. ඔබ වෙනුවෙන්ම එකතු වුනු මතකයන්, දැනුම වගේම තවත් දේවල් රාශියක් එක්කයි අපි ඔබ කරා එන්නේ. Registrations බොහොම නුදුරේදී විවෘත වෙනවා,  ගැන අවධානයෙන් පසුවෙන්න කියන්නට ඕන.

නැවත හමුවෙමු…

One comment on “Software Freedom Day 2018 – ඔබ සුදානම්ද?”

Post a comment

  1. Suresh dissanayake wrote on

    Superb

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.