NextDNS සමග Firefox හී පුද්ගලික සහ ආරක්ෂිත DNS සේවාවන්..


NextDNS, පරිශීලක රහස්‍යතාවයට ගරු කරන, දත්ත රඳවා තබා ගැනීම සහ විනිවිදභාවය අවශ්‍යතා සඳහා කැපවන firefox හි විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන සමග සම්බන්ධ විය. Firefox සිය විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන හරහා Firefox පරිශීලකයින්ට, පුද්ගලික සහ ආරක්ෂිතව encrypt කල Domain Name System (DNS) services සැපයීම සඳහා NextDNS සමඟ නව හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කළේය.


DNS නවීකරණය කිරීමේ ප්‍රයත්නයන්හි දී පරිශීලක පෞද්ගලිකත්වයට මුල් තැන දීමට ඔවුන් කැපවී සිටී. ඔවුන් වසර 30 කට වැඩි කාලයක් තිස්සේ DNS වෙබ් අඩවි සහ සේවාවන් වෙත ප්‍රවේශ වීමේ ප්‍රධාන යාන්ත්‍රණයක් ලෙස සේවය කර ඇත.
DNS යනු අන්තර්ජාල නාමාවලියයි. එමගින් www.firefox.com වැනි අප දන්නා ලිපින, පරිගණකයට තේරුම් ගත හැකි සංඛ්‍යාත්මක අන්තර්ජාල ලිපින බවට පරිවර්තනය කරයි. අන්තර්ජාලයේ සෑම ක්‍රියාකාරකමක්ම පාහේ DNS ඉල්ලීමකින් ආරම්භ වේ. Domain Name System (DNS) යනු අන්තර්ජාල නිමැවුම් ශිල්පයේ පැරණිතම කොටස් වලින් එකක් වේ. මෙහිදී hackers ලට, පරිශීලකයින්ගේ ගවේෂණ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීමට හෝ අවුල් කිරීමට හැකි අතර අන්තර්ජාල සේවා සපයන්නන් (ISPs) ඇතුළු DNS සැපයුම්කරුවන්ට පරිශීලකයාගේ ගවේෂණ ක්‍රියාකාරකම් එකතු කර මුදල් උපයන්නටත් පුළුවන්.

පසුගිය වසර දෙක තුළ සිට, Firefox අනෙකුත් සමාගම් සමඟ සහයෝගයෙන්, HTTPs (DoH) හරහා DNS සංවර්ධනය කිරීම, ප්‍රමිතිකරණය කිරීම සහ යෙදවීම සඳහා කටයුතු කරමින් සිටී. DoH හි අරමුණ වන්නේ browsing activity වලදී Network එක හරහා ඇතුළුවීම්, හැසිරවීම් සහ වෙනස් කිරීම් වලින් ආරක්ෂා කිරීමයි. නමුත් DoH සමඟ DNS දත්ත encrypt කිරීම එහි පළමු පියවර පමණි. මෙම දත්ත හසුරුවන සමාගම්වලට නීති රීති තිබිය යුතුය. TRR
වැඩසටහනේ දක්වා ඇති පරිදි, එම දත්ත වලට ප්‍රවේශය අනිසි ලෙස භාවිතා නොකිරීමට වග බලා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. Firefox CTO හි Eric Rescorla මහතා පැවසුවේ “බොහෝ පරිශීලකයින් සඳහා, ඔවුන්ගේ DNS ඉල්ලීම් යන්නේ කොතැනට ද යන්න සහ resolver ලා ඔවුන් සමඟ කරන්නේ කුමක්ද යන්න දැන ගැනීම දුෂ්කර දෙයක් බවයි“.  තවද ඔහු මෙලෙස ප්‍රකාශ කලේ ය, “Firefox හි විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන ඔබ වෙනුවෙන්, සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට Mozilla ට ඉඩ ලබා දෙන අතර ඔබේ DNS දත්ත හැසිරවීමට පෙර ඔවුන්ට ඉතා හොද ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුය. අපගේ විශ්වාසදායක පුනරාවර්තන විසඳුම් වැඩසටහන මඟින් අංශ තුනක් සඳහා අවශ්‍යතා ප්‍රමිතිකරණය කිරීම අරමුණු කරයි. දත්ත එක්රැස් කිරීම සහ විසදුම රඳවා තබා ගැනීම සීමා කිරීම, සිදුවන ඕනෑම දත්ත රඳවා තබා ගැනීමක් සඳහා විනිවිදභාවය සහතික කිරීම සහ අන්තර්ගතය අවහිර කිරීම හෝ වෙනස් කිරීම වැනි අව භාවිතයන් සීමා කිරීම. DoH හරහා, එය ක්‍රියාත්මක කරන්නන් සඳහා දැඩි මෙහෙයුම් අවශ්‍යතා සමඟ එකග වීමෙන්, අපි හොඳ හවුල්කරුවන් සොයා ගැනීම, පුද්ගලිකත්වයට මුල් තැන දෙන නීතිමය ගිවිසුම් ඇති කිරීම වැනි ක්‍රම මගින් පරිශීලක පෞද්ගලිකත්වය වැඩි දියුණු කරන්නෙමු“.

“පුද්ගලිකත්වය පිළිබඳ Mozilla සමාගම සිටින ප්‍රමුඛ ස්ථාවරය අපි අගය කරන අතර Firefox ප්‍රජාවට නවීන, වේගවත් හා ගැටළු රහිත විශ්වාසදායක DNS resolver තෝරා ගැනීම සඳහා ඔවුන් සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු,” NextDNS හි සම නිර්මාතෘ Romain Cointepas පැවසීය. NextDNS 2019 මාර්තු මාසයේදී දියත් කරන ලද අතර එමගින් ඉතා නවීන හා ආරක්ෂිත DNS විසදුම් යාන්ත්‍රණයක් සපයයි. එතැන් සිට සමාගම තවදුරටත් සේවාව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති අතර සියලුම ප්‍රධාන platform (iOS, Android, macOS, Windows, Linux) සහ Routers සඳහා DNS-over-HTTPS apps නිකුත් කර ඇත. NextDNS යනු TRR වැඩසටහනට සම්බන්ධ වන නවතම විසදුම වීමද, මෙහිදී ඉතා වැදගත් කරුණක් වේ.


Article by: Sachith Mayantha Fernando

One comment on “NextDNS සමග Firefox හී පුද්ගලික සහ ආරක්ෂිත DNS සේවාවන්..”

Post a comment

  1. Madhushi Jayasinghe wrote on

    Good job👍😍

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.