Categories: Firefox Sinhala SUSL

Mozilla සමග Privacy


 ඔබගේ පෞද්ගලිකත්වය කියන්නේ වර්තමාන ලෝකය තුල අන්තර්ජාල භාවිතයේදී ගොඩක් වැදගත් දෙයක්. එමනිසා අපි Password යොදා විවිධ උපක්‍රම මේ සදහා භාවිතා කරනවා. ඇත්තටම, අන්තර්ජාලය හරහා භාවිතා කරන ඔබේ දත්ත ආරක්‍ෂිත ද..?

 

Cookies විසින් නිතරම අපගේ අන්තර්ජාල භාවිතය පිළිබද track කරනවා. Search engines නිරන්තරයෙන් ඔවුන්ගේ privacy policies වෙනස් කරනවා. අලුත් Web Browsers විවිධ නම් වලින් ලෝකයට එනවා. අපගේ පුද්ගලික ලිපිගොනු හා දත්ත අන්තර්ජාලයේ සැරිසරනවා. මේ වගේ හේතු කරණා නිසා අප අපගේ පුද්ගලික දත්ත පිලිබදව වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කලයුතු වෙනවා.

Mozilla users ලට නම් Mozilla Firefox විසින් ගොඩක් වැදගත් Features කිහිපයක් මේ සදහා හදුන්වා දී තිබෙනවා.

  • Firefox Send
  • Firefox Lockwise
  • Firefox Monitor
  • Pocket

අපි දැන් ඒ පිලිබදව සලකා බලමු.

Firefox Send

Firefox send  කියන්නේ අපට ඕනම browser එකක් මගින් ගොඩක් ආරක්ෂිතව file share කිරීමට හදුන්වාදුන් service එකකි. End-to-end encryption technology එක තමයි ඔවුන් මෙහිදී භාවිතා කර තිබෙන්නේ. අපට ගොඩක් විශාල file පවා මෙමගින් යැවිය හැකි වන අතර බෙදා ගන්න files, control කිරීමේ හැකියාවද Mozilla Firefox විසින් අපට ලබා දී ඇත. මේ  සදහා වු Android Application එක Play Store තුලින් ඔබට ලබාගත හැක.

Firefox send පිලිබදව වැඩිදුර තොරතුරු  :  https://mozilla.lk/firefox-send/

Firefox Lockwise

මෙම Service එකෙන් අපට අපගේ username හා password ගොඩක් ආරක්ෂිතව තබා ගත හැකිවන අතර ඒවා ඕනෙම මොහොතක Firefox Lockwise App එක හරහා ලබාගත හැක. මුලිදී Mozilla සමාගම iOS users ලාට පමණයි මෙම service එක ලබා දුන්නේ. නමුත් අද වන විට Android users ලට හා mozilla extension එකක් ද ඔවුන් හදුන්වාදී තිබෙනවා.  ඔවුන් මේ සදහා 256-bit encrypted file transfer technology එක භාවිතා කරන නිසා ඉතා ඉහල ආරක්ෂාවක් users ලට ලබාගන්න පුළුවන්.

Firefox Lockwise පිලිබදව වැඩිදුර තොරතුරු  :  http://mozilla.lk/password-මතක-නැද්ද/ 

Firefox Monitor 

අපි කලින් සදහන් කල පරිදි පෞද්ගලික දත්ත කියන දේ ගොඩක් වැදගත් කාරණාවක්. මේ දත්ත වෙනයම් පුද්ගලයෙකු සතු විය හැකි ක්‍රමයක් තමයි Data Breach එකක් කියන්නේ. CyberCriminals නිසා මෙවෙනි දේ සිදුවේ. Mozilla සමාගම විසින් Firefox Monitor හදුන්වා දුන්නේ මේ හේතු නිසා ය. Firefox Monitor මගින් අපට අපගේ දත්ත Data breach එකකට හසුවී අත්දැයි හදුනාගන්න පුළුවන්. එසේ වී ඇත්නම් අප කලයුතු දේ පිලිබදවත් Firefox Monitor මගින් අපට කියා දෙනවා. මෙම Service එක ලබාගන්න අප කල යුත්තේ අපගේ Email address එක ඇතුලත් කිරීම පමණි.

ඔබත් අදම ඔබේ Account එක Check කර ගන්න:  https://monitor.firefox.com/ 

Pocket

Read it later කියන concept එක යටතේ එන service එකක් තමයි Pocket කියන්නේ. මෙමගින් අපට අන්තර්ජාල පහසුකම තිව access කරන දේවල් pocket එකට දමා offline ඕනෑම වේලාවක access කරන්න පුළුවන්. තවද අප pocket එකට දමා ගන්නා files edit කිරීමේ හැකියවද මෙහි පවතිනවා.

Pocket application එක windows,  android, iOS වැනි ගොඩක් operating system වල භාවිතා කරන්න පුළුවන්. තවත් පහසුවට web browser extension එකක් ලෙසද Mozilla සමාගම තම users ලට ලබා දී තිබෙනවා.

Firefox Pocket පිලිබදව වැඩිදුර තොරතුරු  :  https://mozilla.lk/pocket-එකට-දාමුද/

Firefox Pocket අදම try කරලා බලන්න: https://app.getpocket.com

ඔබත් නොපමාව ඔබේ දත්ත වල සුරක්ෂිතභාවය Mozilla Firefox සමග එක්වී තහවුරු කර ගන්න.


Article by:  Sachith Mayantha Fernando

3 comments on “Mozilla සමග Privacy”

Post a comment

  1. Kanishka Dilshan wrote on

    Nice 🙌 Keep it up!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.