Firefox Send

Mozilla , සැමවිටම මිනිසුන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය වෙනුවෙන් කැපවී සිටි.

එය ඔවුන්ගේ දිගුකාලීන Mozilla ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොටසකි. browsers, apps හෝ services හරහා වේවා, එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ඔවුන් නිරන්තරයෙන් නව ක්‍රම සොයමින් සිටි. ජනප්‍රිය Test Pilot අත්හදා බැලීම්වලින් එකක් වන Firefox Send එවැන්නකි. Firefox Send යනු free encrypted file transfer service එකක් වන අතර එමඟින් ඕනෑම බ්‍රව්සරයකින් ලිපිගොනු ආරක්ෂිතව හා බෙදා ගැනීමට පරිශීලකයින්ට ඉඩ ලබා දේ. මීට අමතරව, Firefox send ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් ලෙසද ලබා ගත හැකිය. දැන් එය වඩාත් වැඩිදියුනුකර, ඉහළ upload කිරීමේ සීමාවන් සහ බෙදාගන්නා ලිපිගොනු සදහා වැඩි control එකක් ලබා දීමට කටයුතු සකසා ඇත.

Encryption & Control

 

ඔබ නව මහල් නිවාසයකට ගිය විට හෝ නිවසක් මිලට ගත් අවසාන අවස්ථාව ගැන සිතන්න. ඔබේ ණය වාර්තාව වැනි මූල්‍ය තොරතුරු  අන්තර්ජාලය හරහා බෙදා ගැනීමට සිදුවිය. මෙවැනි අවස්ථාවන්හිදී, ඔබට එම ලිපිගොනු වෙත එක් වරක් හෝ සීමිත ප්‍රවේශයක් ලබා දීමට අවශ්‍ය විය හැකිය. Firefox Send සමඟ, ඔබගේ පුද්ගලික තොරතුරු  කොතැනක හෝ දින නියමයක් නොමැතිව නොපවතින බව ඔබට ආරක්ෂිත විය හැකිය.

ඔබ බෙදාගත් මොහොතේ සිට ඔබේ ගොනුව විවෘත කළ මොහොත දක්වා ඔබගේ දත්ත සුරක්ෂිතව තබා ගැනීමට Firefox Send, end-to-end encryption භාවිතා කරයි. එය ඔබට සැකසිය හැකි ආරක්ෂක පාලනයන් ද සපයයි. ඔබගේ files කල් ඉකුත්වන විට, බාගැනීම් ගණන සහ extra layer of security සඳහා optional password  එක් කළ යුතුද යන්න ඔබට තෝරා ගත හැකිය.

 

Share large files & Navigate with ease

 

Firefox Send මඟින් විශාල ගොනු ප්‍රමාණ බෙදා ගැනීමද සරල කරයි. Firefox Send සමඟ ඔබට 1GB දක්වා ගොනු ප්‍රමාණයන් ඉක්මනින් බෙදා ගත හැකිය. 2.5GB දක්වා ලිපිගොනු යැවීමට, නොමිලේ ෆයර්ෆොක්ස් ගිණුමක් සඳහා ලියාපදිංචි විය යුතුය.

Firefox Send  ඔබගේ ලබන්නාටද පහසු කරයි. File  එක ක්ලික් කර download කිරීම සඳහා ඔවුන්ට link එකක් ලැබේ. ඔබගේ files වලට ප්‍රවේශ වීමට ඔවුන්ට ෆයර්ෆොක්ස් ගිණුමක් අවශ්‍ය නොවේ. සමස්තයක් වශයෙන්, මෙය දෙපාර්ශවයටම බෙදාගැනීමේ අත්දැකීම බාධාවකින් තොරව කරන අතර email එකක් යැවීම තරම් ඉක්මන් වේ.

Cloud sharing  විසඳුම් කිහිපයක් ඇති බව අපි දනිමු, නමුත් ඔබට වඩාත් පුද්ගලික සහ ආරක්ෂිත තේරීම් ගෙන ඒමේ අපගේ අභිප්‍රාය වේ. Firefox Send සමඟ ඔබේ තොරතුරු ආරක්ෂිත බව ඔබට විශ්වාස කළ හැකිය. සියලුම ෆයර්ෆොක්ස් යෙදුම් සහ සේවාවන් මෙන්ම,Send පුද්ගලික ලෙස නිර්මාණය කර ඇති අතර, එයින් අදහස් වන්නේ ඔබගේ සියලුම ලිපිගොනු ආරක්ෂා කර ඇති අතර ඔබේ දත්ත පුද්ගලිකව සහ ආරක්ෂිතව හැසිරවීමේ අපගේ මෙහෙවර වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවයි.

Source :”Firefox Send” by Nick Nguyen.

Article By : Maleesha Kumarage

 

 

 

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.