Categories: Firefox Sinhala

Firefox නවතම සංස්කරණය දැන් නිකුත් වී ඇත.

පරිශීලකයන්ට ඉතාමත් හොද වේගයක් සහ මිත්‍රශීලී සේවයක් ලබාදීම උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන Mozilla වෙතින් ඔවුන්ගේ Firefox අන්තර්ජාල ගවේශකයෙහි තවත් නවතම සංස්කරණයක් එළිදක්වනු ලැබුවා.

 

නවතම සංස්කරණයේ කැපී පෙනෙන විශේෂාංග :

 

Add Search Engines : Location bar එකෙන් යමක් search කරන විට Google හරහා සෙවුම් ප්‍රතිඵල ලබාගැනීම වෙනුවට නව සංස්කරණයෙහි තමන් කැමති search engine එකක් හරහා ප්‍රතිපල දර්ශනය කර ගැනීමට අවස්තාව ලබාදී ඇත. උදාහරණයක් ලෙස, ඔබ යම්කිසි නළුවෙකු පිලිබඳ location bar එක හරහා search කරන විට IMDB result ලබාගැනීමට නව සංස්කරණයෙන් ඔබට අවස්තාව සලසා ඇත.

Tab Warming : Tabs අතර මාරු වන විට වඩා වැඩි වේගයක් ලබාදීම සඳහා මවුසය tab මතට ගෙන එන අවස්ථාවේදීම pre-load වීමක් සිදුවනු ලබයි.

Retained Display Lists : නිතරම පිරික්සනු ලබන වෙබ් අඩවි පිලිබඳ මතකයේ තැන්පත් කර තබාගනිමින් අවශ්‍ය අවස්ථාවලදී එම මතකයන් භාවිතා කරමින් වඩා වැඩි වේගයකින් යුතුව දත්ත පෙන්නුම් කරනු ලබයි.

Accessibility Tools Inspector : වෙබ් අඩවි නිර්මාණකරුවන්ට සහ සංවර්ධකයන්ට වෙබ් අඩවිය පහසුවෙන් හැසිරවීම සඳහා අවශ්‍ය වන වටිනා මෙවලම් කිහිපයක් නවතම සංස්කරණයට එකතුකර ඇත.

WebExtension Tab Management : සමහර අවස්තාවක ඔබ tab එකකින් සංගීතයට සවන් දෙමින් සිටින අතර, ඔබට එම ටැබය දිස් වී තිබීමට අවශ්‍ය නොවන්නට පුළුවනි. නව සස්කරණයෙන් මෙම පහසුම සඳහා ඉඩ ප්‍රස්තාව ලබාදී ඇති අතර, Web Extension මගින් මේවා පාලනය කිරීමට හැකියාව ලැබී ඇත. නුදුරු අනාගතයේ තවත් මෙවැනි වැදගත් extensions බලාපොරොත්තු විය හැකිය.

 

නවතම සංස්කරණයේ වැඩිදුර තොරතුරු සඳහා,

නවතම සංස්කරණය බාගත කරගන්න : Download

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.