Categories: Firefox Sinhala

Firefox සන් නාමයේ සංවර්ධනය කරා – නවමු මුහුණුවරකින්!

Firefox කිව්ව ගමන් ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ පරිගණකයේ එහෙමත් නැතිනම් ජංගම දුරකතනයේ ඉස්සර ඉදන්ම තිබුන වෙබ් බ්‍රවුසරය. නමුත් මේ වන විට Firefox සන් නාමය සමගින් තවත් යෙදවුම් හා සේවාවන් ගණනාවක් එක් වෙමින් පවතින බව අපට දැකගන්නට පුළුවන්.

අන්තර්ජාලයේ විකාශනයත් තාක්ෂණයේ දියුණුවත් සමගින් අනාගතයට මුහුණ දීමට සූදානම් වන ගමනේදී පරිශීලකයාගේ අවශ්‍යතා සපු‍රාලමින් මිත්‍රශීලී සේවාවක් ලබාදීමට Mozilla ආයතනය කටයුතු කරමින් සිටිනවා. නිරන්තරයෙන් යාවත්කාලීන වන වේගවත් , කාර්‍යක්ෂම හා සුරක්ෂිත Firefox බ්‍රවුසරය – පහසුවෙන් තිර සටහන් ලබා ගත හැකි විශේෂාංග(screen-shotting) , පහසුවෙන් ගොනු හුවමාරු(file sharing) කරගත හැකි යෙදවුම් වල සිට හඬ විධාන(voice commands) හා virtual reality භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසිය හැකි ආකාරයේ පරිශීලකයාගේ සිත් ඇදගන්නා සුලු සංකීර්ණ යෙදවුම් හා සංස්කරණ වලින් සන්නද්ධ වෙමින් තිබෙනවා.

Firefox යනු තවදුරටත් බ්‍රවුසරයක් පමණක් නොවන බවත් විශාල පරාසයක සේවාවන් ලබාදෙන සන් නාමයක් බවත් දැන් ඔබට පැහැදිලි ඇති. මෙම සේවා පරාසය නියෝජනය කිරීමට සාම්ප්‍රදායික Firefox ලාංඡනය ප්‍රමාණවත් නොවන බව පසක් වීමෙන් පසු Mozilla ආයතනයේ නිෂ්පාදන හා සන් නාම නිර්මාණකරුවන් කණ්ඩායමක් නවතම ලාංඡන හා අයිකන නිර්මාණකරණයේ නියැලී සිටිනවා. දැනටමත් හඳුන්වා දී ඇති සේවාවන් මෙන්ම ඉදිරියට හඳුන්වා දීමට නියමිත සේවාවන්ද නියෝජනය කිරීමට නියමිත මෙම අයිකන, පරිශීලකයාට පහසුවෙන් මග පෙන්වීමට හැකි ආකාරයෙන්ද සන් නාමයේ ප්‍රවර්ධනයට රුකුලක් වන ආකාරයෙන්ද නිම වීමට නියමිතයි.

මෙම නවමු මුහුණුවර නිල වශයෙන් මුදා හැරීමට පෙර පරිශීලකයන්ගේ අදහස් දැනගැනීමට Mozilla ආයතනය හා නිර්මාණ කණ්ඩායම තීරණය කරල තියෙනවා. ඔවුන් විසින් නිකුත් කර ඇති පහත සැලසුම් නිර්මාණ ක්‍රම දෙක පිලිබඳව ඔබේ අදහස Mozilla නිල බ්ලොග් අඩවියේ කොමෙන්ටුවක් ලෙස සටහන් කල හැකියි.

SYSTEM 1 : Geo-fox & SYSTEM 2 : Fox tail on fire

Geo-fox & Fox tail on fire IMAGE : blog.mozilla.org

 

මේවා තවමත් සැලසුම් පමණක් වන අතර අවසාන තේරීම් වලදී Mozilla ආයතනය,

  • මෙම නිර්මාණ තවමත් Firefox ලෙස හැඟේද?
  • මෙම නිර්මාණ රූපමය වශයෙන් කොපමණ බැඳී පවතීද?
  • මෙම නිර්මාණ අනාගතයේදී තවත් පරාසයකට දිගු කල හැකිද?
  • මෙම නිර්මාණ Firefox විසින් අවධානය යොමු කරන කරුණු වන වේගය, සුරක්ෂිත
  • භාවය , විශ්වාසනීයත්වය , බුද්ධිමත්භාවය හා නවෝත්පාදන ක්‍රේෂ්ත්‍ර නියෝජනය කරයිද?
  • මෙම නිර්මාණ Firefox ලාභයට වඩා පරිශීලකයා ගැන අවධානය යොමු කරන ආයතනයක් යන ස්ථානයේ රඳවනවාද යන්න පිලිබඳව සැලකිලිමත්වෙන්න තීරණය කරල තියෙනවා.

 

මෙම සැලසුම් නිර්මාණ ක්‍රම දෙකම අදියර 4කින් යුක්ත වෙනවා.මූලික සන් නාමය වන Firefox හි අයිකනය යටතේ අනෙකුත් නිෂ්පාදන පරාස විහිදෙනු ඇති.

 

Firefox Masterbrand Icons

Firefox Masterbrand Icons IMAGE : blog.mozilla.org

මෙම මූලික Firefox අයිකනය සන් නාම ප්‍රවර්ධන කටයුතු වලදී, උත්සව අවස්ථා වල සැරසීම් වලදී හා google play store වල යෙදවුම් අයිකනය ලෙස භාවිතා කිරීමට සැලසුම් කර ඇත.

ඇතැම් විට අනාගතයේදී Firefox යන නම ඇසූ සැනින් ඔබගේ මතකයට නැගෙන්නේ මින් එක් අයිකනයක් වන්නට පුළුවන්!

 

System 1: General-purpose browser icons

System 1: General-purpose browser icons IMAGE : blog.mozilla.org

System 2: General-purpose browser icons

System 2: General-purpose browser icons IMAGE: blog.mozilla.org

සාමාන්‍ය වෙබ් බ්‍රවුසර වල භාවිතා වන Firefox Quantum Desktop  අයිකනය මේ ලෙස වෙනස් කර Firefox Developer Edition සහ Firefox Nightly යන සංස්කරණ වල මෙම අයිකනයම දක්වා ඇති ලෙස වෙනස් වර්ණ වලින් භාවිත කිරීමට සැලසුම් කර ඇත.

 

Singulary-focused browser icons

System 1: Singulary-focused browser icons IMAGE: blog.mozilla.org

Singulary-focused browser icons

System 2: Singulary-focused browser icons IMAGE: blog.mozilla.org

Virtual Reality යෙදවුම් සඳහා අවධානය යොමු කරන Firefox Reality බ්‍රවුසරය හා පෞද්ගලිකත්වය ගැන අවධානය යොමු කරන Firefox Focus mobile බ්‍රවුසරය වැනි විශේෂී වූ බ්‍රවුසර සඳහා මෙම නිර්මාණ සැලසුම් කර ඇත.

 

Icons for new apps & services

System 1: Icons for new apps & services IMAGE: blog.mozilla.org

Icons for new apps & services

System 2: Icons for new apps & services IMAGE: blog.mozilla.org

නවතම යෙදවුම් හා සේවා සඳහා මෙම නිර්මාණ යෝජනා කර ඇත.

මෙම නවමු මුහුණුවර ගැන ඔබේ අදහස මෙහි පල කරන්නත් අමතක කරන්න එපා.

 

Evolving the Firefox Brand

 

One comment on “Firefox සන් නාමයේ සංවර්ධනය කරා – නවමු මුහුණුවරකින්!”

Post a comment

  1. Pratheek Kaiz wrote on

    System 1 එකට කැමතියි. ඒත් System 2 එකේ තියන browser icon තුන System 1 එකටත් ගත්තා නම් හොදයි කියලා හිතෙනවා

    Reply

Leave a Reply to Pratheek Kaiz

Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.