නිතර password අමතක වෙනවද! මෙන්න Firefox වෙතින් iOS users ලට Lockbox!

Firefox ගැන ලියවෙන article එක්ක නිතර රැදෙන කෙනෙක් නම් Test Pilot experiments ගැන ඔබ අනිවාර්යයෙන් අසා ඇති.මෑතක් වෙනකම් desktop වෙනුවෙන් විවිධ experiments වල නිරත වී ඒ වගේම ඒවයෙන් ලැබූ සාර්ථකත්වය නිසාම ඔවුන් දැන් එම පරීක්ෂණ mobile එක දක්වාම රැගෙන විත්.

අද මේ කියන්න යන දේ අලුත් වගේම තරමක් වෙනස් දෙයක්.ඇත්තටම මේක තමයි  ජංගම උපාංග සඳහා පළමු Test Pilot experiment එක.Desktop browser හී සීමාවන් ඉක්මවා යමින් ඉන් එහාට ගිය සේවාවන් mobile යෙදුම හරහා ඔබට සමීප කිරීමට ගත් උත්සාහයක් ලෙසත් මෙය නම් කල හැකියි.ඔබේ account එකේ privacy එක mobile app වල control එක වගේ දේවලුත් ඒ ඒ තොරතුරු ආරක්ෂා කිරීම වැනි Mozilla හී මෙහෙවර හා බැදුණු ඒ අලුත් දෙය ගැන අපි දැන් බලමු.

 

iOS වලට Firefox හදුන්වා දෙන “Lockbox”

නිතර online වැඩ කරන කෙනෙක් විදියට නම් ඔබ සතුව online accounts රාශියක් ඇති.ඒ වගේම ඒවාට unique වුනු හෝ නොවුණු passwords ත් ඇති.බොහෝ විට ඔබ මේවා desktop browser එකට save කරලා තිබුනත් ඔබේ mobile එකෙන් මේ accounts access කරද්දී password අමතක වෙලා කී සැරයක් නම් reset කරලා ඇත් ද!

තව දුරටත් iOS users ලට මේ අපහසුතාවයට ඔබට මුහුණ පාන්නට සිදුවන්නේ නැහැ.මොකද Firefox වෙතින් හදුන්වා දෙන මේ simple app එක ඔබේ passswords ටික ඔබ යන එන ඕනෑම තැනක ඔබට අවශ්‍ය විටකදී භාවිත කල හැකි අන්දමට මේ app එක තුලින් ඔබ ලග තියාගන්නට හැකියාව ලැබෙනවා.

Firefox Lockbox සමඟ, iOS users ලට Firefox desktop browser එකට save කරපු password හරහා ඒ ඒ account  වෙත නැවත password enter කිරීමකින් තොරව mobile app හරහා ද පහසුවෙන් පිවිසීමට හැකි වනවා.නිදසුනක් විදියට ඔබගේ Twitter හෝ Instagram app එකට mobile එකෙන් ලොග් වීමට නම් බ්රවුසරයේ ඔබ විසින් save කරපු password එක භාවිතා කළ හැකිය.මේ සදහා web page එකකින් open කිරීමට අවශ්‍ය නොවේ. තවද, ඔබට Face ID සහ Fingerprint භාවිතා කර Lockbox හි ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගත හැකිය. එබැවින් ඔබට ඔබගේ ගිණුමට ආරක්ෂිතව ප්රවේශ විය හැකිය.

 

“Lockbox” සමගින් වැඩ පටන් ගන්නේ කොහොමද!

Test Pilot program එක ඕනෑම Firefox user කෙනෙකුට භාවිත කල හැකි පරිදි සකස් කර ඇති අතර එය users ලාගෙන් feedback ගෙන ඒ මත ඉතා ඵලදායි සේවයක් සැපයීම උදෙසා සකසා ඇත.ඉතින් මෙම  Lockbox extension එක ලබා ගැනීමට නම් ඔබ සතුව Firefox account එකක් සහ සම්පුර්ණ ක්‍රියාකාරිත්වය සදහා Firefox Sync පැවතීම අත්‍යවශ්‍ය වෙනවා.මේ දේවල් ඔබ සතුව තියෙනවනම් ඔබට පුළුවන් Lockbox extension එක ලබා ගන්න.

Test Pilot program එක ගැන දන්නා බොහෝ දෙනෙක් හොදින් දන්නා දෙයක් තමයි මේ projects හරිම experimental කියන එක.ඉතින් ඔබටත් පුලුවන් ඔබත් iOS user කෙනෙක් නම් මේ extension එක Firefox හරහා ලබා ගෙන මේකේ අඩුපාඩු තව මේකට එකතු විය යුතු දේවල් වගේ feedback ලබා දෙන්න.වඩා ප්‍රයෝජනවත් විදියට මේ දේවල් සකසා ගන්න දායක වෙන්න.

ඉතින් මේකට එකතු විය යුතු දෙයක් හෝ මේ ගැන තවත් විස්තර දැනගන්න අවශ්‍යනම් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා.අපි අයෙමත් ඉක්මනින්ම හමුවෙමු Test Pilot program එකෙන් Android වලට ලබා දෙන “Notes” app එකේ විස්තරත් සමගින්.

Lockbox කෙතරම් පහසුයි වගේම සරලයි ද කියල ඔබට පහත video එක තුලින් තව දුරටත් දැනගන්න පුළුවන්.

 

 

 

2 comments on “නිතර password අමතක වෙනවද! මෙන්න Firefox වෙතින් iOS users ලට Lockbox!”

Post a comment

  1. lahiru perera wrote on

    ☝️👍👌

    Reply

    1. Maneesha Dedigama wrote on

      ස්තුතියි

      Reply

Leave a Reply to Maneesha Dedigama

Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.