Categories: Uncategorized

Faster, Safer Browsing Experience. New Firefox 29

කවුරැත් භාවිතා කරන මොසිල්ලා ෆයර්ෆොක්ස් ගවේශකයේ 29 වෙනි සංස්කරණය පසුගිය අප්‍රේල් 29 දින නිකුත් කලා. මෙහි ප්‍රධාන තේමාව වන්නේ ආරක්ෂා කාරී අන්තර්ජාලයක් භාවිතා කරන්නන්ට ලබාදීමයි.

ලාබ නොලබන ආයතනයක් වන මොසිල්ලා පදනම මෙම සාර්ථකත්වය පිටුපස සිටින අතර දැනට භාවිතයේ ඇති අනෙකුත් ගවේශකයන්ටවඩා වැඩි ආරක්ෂාවක් භාවිතා කරන්නාට ලබාගත හැකි ආකාරයෙන් මෙය සකසා ඇත.

 

බැලූ බල්මට පෙනුමෙන් ටැබ් හා ෆයිල් මෙනුව වෙනස් වී ඇතිබව පෙනුනත් ඊට වඩා බොහෝ වෙනස්කම් රාශියක් සමග එලිදක්වා ඇත
අලංකාර නව මුහුණත මගින් අලුත් පෙනුමක් මෙන්ම ඉතා පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව ලබාදේ.

පහසුවෙන් අපට අවශ්‍යය ආකාරයට වෙනස් කරගැනීමේ හැකියාව මගින් මෙනූ බාරයේ සිට මුහුණතේ ඇති බෙහෝ මෙනූ හා බටන අපට අවශ්‍යය ආකාරයෙන් ලේසියෙන් වෙනස්කර ගත හැකිය
නව ෆයර්ෆොක්ස් මෙනුව අවශ්‍යය සියලු අයිතමයන් එක ස්ථානයකට ලේසියෙන් ලගාවිය හැකි ආකාරයෙන් ලබාදේ

ඇඩ්‍රස් බාරය අසල ඇති තරැ සලකුණ මගින් බුක්මාකයක් එක ක්ලික් විධානයකින් සේව් කරගත හැකි අතර, ඒ වගේම පහසුවෙන් වෙනස්කිරීම හා හැසිරවීම කල හැකිය

නව ෆයර්ෆොක්ස් සින්ක් පහසුකම මගින් එක් පරිශීලක නාමයකින් පහසුවෙන් බ්‍රවුසර අතර මෙන්ම හා පරිගණයක, ජංගම දුරකථය අතර උවත් බුක්මාක්, පාස්වර්ඩ්, අතීතය හා ටැබ සින්ක් කරගත හැකිය.
මීට අමතරව වෙබ්, ෆයර්ෆොක්ස් දුරකථය හා වෙනත් මෘදකාංග දියුනු කරන්නන්ට පහසු හා අවශ්‍යය යෙදුම් කීපයකින්ද සමන්විත නව 29 වැනි සංස්කරණය සිංහල භාෂාවෙන්ද ලබාගත හැකියි.

ඔබත් අදම වේගවත්, ආරක්ෂාකාරී නවතම ගවේශකය භාවිතා කර බලන්න.

සිංහල නව සංස්කරණය
English New Version

 

This article was migrated over from our previous website manually. Please note that the publisher of this article isn’t the owner of this article. All credits should go to the original writer of this article.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.