Categories: Internet Sinhala SUSL

නෝට්ටුවට අභියෝගයක් වු CryptoCurrency

බ දන්නවා, අතීතයේ මිනිසුන් ගනුදෙනු වලදී භාණ්ඩ හුවමාරු කලා. පසුව කාසි ඒ වගේම මුදල් නෝට්ටු භාවිතයට පැමිනියා.වර්තමානයේ ලෝකයයේ රටවල මුදල් නෝට්ටු නිකුත් කරනු ලබන්නේ එම රටේම Central Bank එකක් මගිනි. ඉල්ලුමට සැපයුම සරිලන ලෙස හැම වර්ෂයකම මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කරනවා. ඇත්තටම ගනුදෙනු කිරීමට මීට වඩා හොද සහ ආරක්‍ෂිත ක්‍රමයක් නැද්ද?

 

ඉතිං මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට, ලොව පළමුවන decentralized cryptocurrency එක විදිහට BitCoin 2009 ලෝකයට පැමිණියා. මෙයට මූලික වූ පුද්ගලයා වුයේ Satoshi Nakamoto වේ. මෙහි අඩංගු වන්නේ අප හැමෝටම නිදහසේ භාවිතා කල හැකි Electronic Cash System එකකි. මෙහිදී ඇත්තටම භාවිතා වෙන්නේ Digital Record එකක් නිසා Money Transfer කිරීම ඉතා ලේසියි. තවද මෙය සම්පුර්ණයෙන් පාලනය වෙන්නේ Computer Algorithm එකක් මගිනි. එම නිසා මෙහි ආරක්‍ෂිත බව තවත් වැඩි. CryptoCurrency වර්ග කිහිපයක් අද ලෝකයේ භාවිතා වෙනවා. BitCoin, LiteCoin, DogeCoin, Ethereum ඒ සදහා උදාහරණ වේ.මේ අතරින් ජනප්‍රියම මුදල් වර්ගය BitCoin වේ.

Decentralized ledger එකක් හරහා තමා මේ Transaction සියල්ලක්ම සිදුවෙන්නේ. ඉතිං මේ Decentralized ledger එක access කරන්න බැරි විදිහට මේක Cryptography මගින් Encrypt කරලා තියෙන්නේ. මේ Decentralized ledger එක Blocks වලට වෙන් කරලා තියෙන්නේ. හැම Block එකකටම ඊට අවේනික වූ HashCode(Cryptography වලදී භාවිතා වන Code එකකි) එකක් තියෙනවා.අපි මේකට Block Hash එක කියල කියනවා. කලින් එකේ HashCode එක Calculate කරලා තමා ඊලග Block එකටඅලුත් HashCodeඑක එකතු කරන්නේ. එමනිසා එක Block එකක් හරි වෙනස් කලොත්, HashCode එක මගින් එය ඉක්මනින් හදුනා ගන්න පුළුවන්.HashCode මගින් සියලු Blocks සම්බන්ද කරලා තියෙන නිසා අපි මේකට BlockChain එකක් කියලා කියනවා. මේ BlockChain එක Maintain කරන අයට BitCoin miners ලා කියලා කියනවා. හැබැයි මේක එච්චර ලේසි වැඩක් නෙමේ.මේකට ASICs(Application Specific Integrated Circuit) කියලා ගොඩක් විදුලිය වැය වන පොඩි machine එකක් තමා යොදා ගන්නේ.

Hacker කෙනෙක්ට නම් මේ Blockchain කිසිම විදිහකින් hack කරන්න විදිහක් නැ. නමුත් BitCoin wallet එකක් හෝ Exchange එකක් hack කිරීමකට ලක් විය හැකි. කෙසේ හෝ යම්කිසි දිනයක මේ CryptoCurrency මුදල් ඒකක මුදල් නෝට්ටු අභිබවා යාවිද.?මා සිතන්නේ පිළිතුර අපට නුදුරු අනාගතයේ ලැබෙවී.


Article by: Sachith Mayantha Fernando

5 comments on “නෝට්ටුවට අභියෝගයක් වු CryptoCurrency”

Post a comment

  1. Chrishani Imalsha wrote on

    Very useful

    Reply

  2. Yohan Malshika wrote on

    Good one Mayantha!

    Reply

  3. Harshani Fernando wrote on

    Thanks for the breif discription about cryptography. Very useful article, never heard about this before.

    Reply

  4. Madhushi Jayasinghe wrote on

    Good job👍

    Reply

  5. Kanishka Dilshan wrote on

    Good one.

    Reply

Leave a Reply to Yohan Malshika

Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.