Categories: Uncategorized

නව මාර්ගගත සමූහ වේදිකාවක් සඳහා Mozilla විසින් New York Times, Washington Post හා Knight පදනම සමඟින් හවුල්කාරීත්වයක් ප්‍රකාශයට පත්කරයි.

නව විවෘත මූලාශ්‍ර සමූහ වේදිකාවක්,  හා අදහස් දැක්වීමේ වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ජෝන් එස්. සහ ජේම්ස් එල්. නයිට් පදනමෙන් ඩොලර් මිලියන 3.89ක ආධාර ඇතිව New York Times හා Washington Post හී හවුල්කාරීත්වය සමඟ Mozilla සමාගම සැරසේ.

ප්‍රවෘත්ති සමාගම් වලට ගිවිසීම්  සදහා ගැඹුරු ලෙස අවස්ථාව උදාකරමින් අදහස් පලකිරීමේ අංශයෙන් ඔබ්බට ගොස් පාඨකයා සමඟ සම්බන්ධ වීම‍ට සමුහ වේදිකාවෙන් අවස්ථාව ලැබෙනු ඇත. මෙම වේදිකාව හරහා පාඨකයන්ට පින්තුර, ඇමුණුම් සහ අනෙක් මාධ්‍ය, සාකච්චා මග , සහ දායකවීම් කළමනාකරණය සහ මාර්ගගත හඳුනාගැනීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. පාඨකයන්ට ඉලක්ක කරගත් ආකෘතිමය හා දැනුම්දීම් ලබාදෙමින් ප්‍රකාශකයන්ට එකතුකිරීම හා මෙම ආකෘතිය වෙනත් ආකාරයේ ප්‍රවෘත්ති බෙදාහැරීම සඳහා යොදාගැනීම කල හැක.

මෙම ව්‍යපෘතිය Knight පදනම හා සිව් අවුරුද්දක් පුරාවට හවුල් ව්‍යාපෘතියක් වශයෙන් පැවතුණි. කේත නිපදවන්නන්ගේ සිට හැකර් වරුන් දක්වා එක්ව හවුලේ මාධ්‍යකරණයට අවශ්‍ය මෙවලම් නිපදවීම, ඒවාගේ ගැටලු නිරාකරණය කිරිම සිදුකරනු ලබයි. ඒ නිදහස් විවෘත වෙබ් අනාගතයක් උදෙසා වේ.

Mozilla හා Knight පදනමේ විවෘත පුවත් වැඩසටහනේ අධ්‍යක්ෂක ඩෑන් සින්කර් පවසන්නේ “මෙම ව්‍යාපෘතිය මාධ්‍යකරණය නගා සිටුවීමට පමණක් නොව මුළු වෙබ් අන්තර්ගතයම නගාසිටුවීමට හැකියාව ලබාදෙයි. එමෙන්ම Backbone.js, D3 හා Django වැනි තාක්ෂණයන් මෙම ව්‍යාපෘතියේ පුවත් විහිදුමේ අත්හදා බලා පන්නරය ලබා ඇති අතරම, පුද්ගලයන් විසින් වෙබ් නිපදවීම දක්වාම එම පන්නරය විහිදුවීමට බලාපොරොත්තු වේ. මෙහි පිටුපස සැඟවී ඇති තාක්ෂණය ගැන නොදන්නා අයෙකු වූවද එය සොයාගනී යන්න අපගේ බලාපොරොත්තුවයි.”

මෙම ව්‍යාපෘතිය ලොව ප්‍රධාන ගෞරවනීය ප්‍රවෘත්ති සමාගම් 2ක් සහ Mozilla අතර පවතින අද්විතීය සහයෝගීතාවයකි. මූලික වශයෙන් එහි අරමුණ වන්නේ භාවිත කරන්නන් හා ප්‍රකාශ කරන්නන් අතර සබදතාවය වර්ධනය කිරීමයි .

  • පරිශීලකයන් විසින් නිර්මාණය කරන්නා වූ දෑ ඉක්මනින් හා පහසුවෙන් එක් රැස් කිරීමට හා භාවිතා කිරීමට.
  • විශාල පුවත් බෙදාහැරීම් වල පමණක් දක්නට ලැබෙව පරිශීලක උදෘතයන්.
  • ජනමාධ්‍යකරුවන් අතරේ තමන්ගේම පෞර්ශයන් හමුවීමට.
  • පාඨකයන්ගේ අත්දැකීම ඉහල නැංවීමට වෘත්තීමය මට්ටමේ අයවළුවන් හා සම්බන්ධ වීමට.
  • අදහස් දැක්වීමක සිට සංවාදයක් දක්වා පරිශීලකයන්ගේ අත්දැකීම ඉහල නැංවීමට

හැකියාව ලැබෙනු ඇත.

සින්කර් ප්‍රකාශ කරන ආකාරයට, “මෙය අප තනි ව්‍යාපෘතියක් ලෙසින් දකින්නේ නැහැ. මෙය වෙබ් අනාගතයේ පදනම් ගල් තැනීමක් ලෙසිනුයි අප දකින්නේ. මෙහි හරය විවෘතයි. මෙය මඟින් පරිශීලකයාට තමන්ගේ හදුනාගැනීම හා දායකත්වය මත උපරිම නම්‍යශීලීත්වයක් ලබා දෙනවා”

  • New York Times හී වැඩිදුර කියවන්න.
  • Washington Post හී වැඩිදුර කියවන්න.
  • OpenNews බ්ලොග් පලකිරීම කියවන්න.
  • OpenNews හා සක්‍රීයව සබැදෙන්න.

 

This article was migrated over from our previous website manually. Please note that the publisher of this article isn’t the owner of this article. All credits should go to the original writer of this article.

No comments yet

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.